වගා හානි සඳහා වන්දි ලැබෙන ක්‍රමය

දෙසැ 24, 2024
    අයහපත් කාලගුණය හේතුවෙන් කෘෂිකර්ම ක්ෂේත්රයට සිදු වූ හානි සඳහා වන්දි ගෙවීමේ වැඩපිළිවෙළකට ද අමාත්ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.

    අමාත්ය කේ ඩී ලාල් කාන්ත මහතා එම යෝජනාව ඉදිරිපත් කළා. අයහපත් කාලගුණය හේතුවෙන්, කුඹුරු අක්කර 91,300 කට පූර්ණ හානි සිදුව ඇති අතර, කුඹුරු අක්කර 86,225 ක් අර්ධ හානියට ලක්ව තිබෙනවා.

    වී වගාවන් සඳහා උපරිම වශයෙන් හෙක්ටයාර 2 ක් දක්වා අක්කරයකට රුපියල් 40,000 ක හානි පූර්ණයක් ලබාදීමටයි, යෝජනා වී ඇත්තේ.
     
    බඩඉරිඟු, අර්තාපල්, මිරිස්, ලොකුලූනු සහ සෝයා බෝංචි වගාවන් සඳහා උපරිම වශයෙන් හෙක්ටයාර 1 ක් දක්වා අක්කරයකට රුපියල් 40,000 ක වන්දි මුදලක් ගෙවීමට නියමිතයි.

    Latest News