ඇමති රවී - විදුලි සේවක වැටුප් ප්‍රශ්නයට අගෝස්තු 30ට පෙර විසඳුමක්

ජූලි 11, 2019

    විදුලි බල සේවකයන්ගේ වැටුප් විෂමතාවට විසඳුම් ලබාදීමට අවංක වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන බව විදුලිබල, බල ශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

    අගෝස්තු මස 30 ට පෙර මේ සඳහා වැඩපිළිවෙලක් දියත් කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ අද (11) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රී තුෂාර ඉදුනිල් අමරසේන මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

    ලංකා විදුලි බල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීම රජයේ ප්‍රතිපත්තිය නොවන බවද විමසා තිබූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

    පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධයෙන් මන්ත්‍රී තුෂාර ඉදුනිල් අමරසේන මහතා විමසා සිටි අතර පුනර්ජනනීය බලශක්ති ගැන වැරදි මතයන් තිබෙන බවත් ස්ථවර ජනනීය වැඩපිළිවෙලක් අවශ්‍ය බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මිශ්‍ර ජනනීයකරණ වැඩපිළිවෙලක් ඉදිරියට ගෙන යන බවත් සැලසුම් සහගත වැඩපිළිවෙලක් ඉදිරියට ක්‍රියාත්මක කරන බව ද සඳහන් කළේ ය. විදුලි බල මණ්ඩලයේ සේවකයන්ගේ වැටුප් සම්බන්ධයෙන් අඳහස් දැක්වූ අමාත්‍යවරයා,ඒ සඳහා අවංක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවත් සඳහන් කළේ ය.

    Latest News