විදුලිය හා ඛනිජ තෙල් එකඟතාවකට: තාප විදුලි නිෂ්පාදන බාධා ඉවතට (වීඩියෝ)

ජූලි 09, 2019

    විදුලිබල මණ්ඩලයේ තාප විදුලි ජනනයට ඉදිරියේදි කිසිදු බාධාවක් එල්ල නොවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

    විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන තොග ලබාදීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එකඟතාව පලකර ඇත. ඒ අනුව තාප විදුලි බලාගාරය සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදීම මේ වන විට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සදහන් කළේය.

    විදුලිබල මණ්ඩලයට ඉන්ධන සැපයීම වෙනුවෙන් ගෙවිය යුතු හිඟ මුද්ල නොගෙවීම හේතුවෙන් ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන සැපයීම තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන තිබිණ.

    ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 80 ක ණය සීමාවක් යටතේ ඉන්ධන සපයනු ලබන අතර එම ණය සීමාව ඉක්මවා යාම හේතුවෙන් විදුලිබල මණ්ඩලයට ඉන්ධන සැපයීම නවතා දැමීමට තීරණය කෙරුණි.

    මෙම තත්වය තුළින් විදුලි බලමණඩලයේ තාප විදුලි බලාගාරවලින් නිපදවන මෙගවොට් 150ක් පමණ විදුලි නිෂ්පාදනයක් අහිමිවු විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ඊයේ දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අඛණ්ඩ විදුලි සැපයිමට බාධා එල්ලිවි තිබිණ. කෙසේවෙතත් පැවති සාකච්ඡාවකින් අනතුරුව විදුලිබල මණ්ඩලයට ඉන්ධන සැපයීමට ඛනිජ තෙල් සංස්ථාව එකඟතාව පල කර තිබේ.

    Last modified on අඟහරුවාදා, 09 ජූලි 2019 19:31

    Latest News