2027-2030 විට අමතර මෙගාවොට්ස් 3075 ක්

මැයි 08, 2023

    2027 වසර සහ 2030 වසර අතර කාලය තුළ ජාතික විදුලිබල පද්ධතියට අමතර මෙගාවොට්ස් 3075 ක් පුනර්ජනනීය බලශක්තියෙන් ලබා ගැනීමට රජය අපේක්ෂා කරනවා.

    මේ පිළිබඳ විශේෂ සැලසුමක් විදුලිබල මණ්ඩලය සකස් කර තිබෙනවා.

    පසුගිය වසරේ පුනර්ජනනීය බලශක්තිය ලෙස මෙගාවොට්ස් 211 ක් පද්ධතියට එක් කෙරුණා. ඉන් මෙගාවොට්ස් 146 ක් වහලය මත සවි කරන ලද පැනල මගින් ලබාගෙන තිබෙනවා. එය ඉහළ නංවා ගැනීම අරමුණු කර ගනිමිනුයි මෙම සැලැස්ම සකස් කර ඇත්තේ. එය අමාත්‍ය කාංචන විජේසේකර මහතාට පසුගියදා පිළිගන්වනු ලැබුවා. මීට අමතරව එම කාලය තුළ බැටරි ගබඩා කිරීමෙන් මෙගාවොට්ස් 1525 ක් ලබා ගැනීමට අපේක්ෂිතයි.

    Latest News