විදුලිබල මණ්ඩලයේ 2019 පාඩුව මිලියන 120 ඉක්මවයි

ජන 02, 2020

    මේ වසරේ විදුලිබල මණ්ඩලයේ පාඩුව රුපියල් කෝටි 12,000 ඉක්මවනු ඇති බව මගී ප්‍රවාහන කළමනාකරණ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ ඊයේ (01) කොළඹ පැවති උත්සවයකට එක්වෙමින්.

    අමාත්‍යවරයා කියා සිටින්නේ සිය අමාත්‍යාංශය යටතේ ඇති ආයතන ලබන පාඩුව අවම කර ගැනිමට හැකි වුවහොත් රටේ ආර්ථික ගැටළුවට විශාල ශක්තියන් වනු ඇති බවයි. විදුලිබල කේෂ්ත්‍රය, ඛනිජ තෙල් කේෂ්ත්‍රය හා දුම්රිය මෙන්ම ලංගමය නිසි ලෙස ගොඩ නඟා ගැනීම තුළ මෙය සාර්ථක කළ හැකි බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

    දුම්රිය දෙපාර්තමේන්තුවේ ද මේ වසර තුළ මිලියන 8 කට වැඩි පාඩුවක් සිදු වන ඇතැයි ගණන් බලා ඇතැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. ජනතාවගේ කරපිට මෙම බර පටවන්නේ නොමැතිව මෙය සිදුකරන ආකාරය ගැන මේ වන විට සැලසුම් කිරීමේ අවශ්‍යතාවය මතුව ඇතැයි ද කියා සිටියේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 02 ජනවාරි 2020 10:25

    Latest News