මඩකලපුවේදී පොලිස් රාජකාරීයට බාධා කළ සිද්ධියට විමර්ශන ඇරඹේ

ජූලි 04, 2019

    මඩකලපුව, පුදූර් ප්‍රදේශයේ දී රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙක්ට රියදුරු බලපත්‍රය නොමැතිව ගමන් කළ යතුරුපැදියක් පරීක්ෂා කර අත්අඩංගුවට ගෙන තිබේ.

    අනතුරුව යතුරුපැදියක පොලිස් ස්ථානයට රැගෙන එන අතරතුර වෙනත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිලධාරීන්ට බාධා කරමින් මාර්ගය හරස් කර තිබේ. එම අවස්ථාවේ දී ඔවුන් පැමිණි යතුරුපැදිය බිම වැටී ඇති අතර එම ස්ථානයට පැමිණි ගම්වාසීන් කිහිප දෙනෙකු විසින් එම නිලධාරීන් දෙදෙනාට පහර දී තිබේ. තවද නිලධාරීන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු සතුව තිබූ රිවෝල්වරයක් පැහැරගෙන ගොස් ඇත.

    මෙහි දී තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා මඩකලපුව රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටින අතර මෙම සිද්ධි්යට අදාළව සැකකරුවන් හඳුනාගෙන ඇති අතර මඩකලපුව කොට්ඨාස පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණ යටතේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 04 ජූලි 2019 16:53

    Latest News