අක්මීමන පාසලකට බලහත්කාරයෙක් ඇතුලුවීමට තැත්කළ පුද්ගලයෙක්ට වෙඩි

ජූලි 04, 2019

    අක්මීමන,මානවිල් ප්‍රදේශයේ පාසලක යුද හමුදා නිලධාරීන් දෙදෙනෙකු ආරක්ෂක රාජකාරී යොදවා තිබියදී බලහත්කාරයෙන් පාසලට ඇතුළුවීමට උත්සහ කරමින් නිලධාරියාගේ ගිනි අවිය උදුරාගැනීමට උත්සහ කළ පුද්ගලයෙකුට වෙඩි තබා තිබේ.

    උපනන්ද කනිෂ්ඨ විද්‍යාලයේ එක් දොරටුවක් ආසන්නයේ රාජකාරී යොදවා සිටි නිලධාරියෙකු විසින් බලහත්කාරයෙන් එම විදුහලට ඇතුළුවීමට උත්සහ කර ඇති අතර එය මැඩපැචැත්වීම සඳහායි වෙඩි තැබිම සිදුකර ඇත්තේ.

    සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයා (39) කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 04 ජූලි 2019 13:28

    Latest News