වෘත්තීය සමිති අසාධාරණ ඉල්ලීම් ඉටුකලොත් රාජ්‍ය සේවක වැටුප් විෂමතාවක්

ජූනි 28, 2019

    වෘත්තීය සමිති මර්දනය කිරීමට කටයුතු නොකරන බව ප්‍රවහාන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

    වෘත්තීය සමිති අසාධාරණ ලෙස ඉල්ලීම් කරනවා නම් එයට ඉඩ දිය නොහැකි බවත් ඔහු අද පාර්ලිමේන්තුවේදි කියි සිටියේය.

    දුම්රිය සේවක වර්ජනය ඇතුළු දුම්රිය ගැටළු සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා විසින් ගෙනා සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා අද (28) පාර්ලිමේන්තුවේ දී මෙසේ පැවසීය.

    මේ ක්ෂේත්‍රයේ ගැටළු තිබෙනවා. මුදල් ඇමති සමඟ මේ ගැන සාකච්ඡා කළා. දුම්රිය සේවක ඉල්ලීම් ලබාදීමේ දී රාජ්‍ය සේවකයන්ට නැවත වැටුප් විෂමතාවක් ඇති වෙනවා. ඒ නිසා අපට මාස දෙකක් කල් දෙන්න කිව්වා. මේ ප්‍රශ්නය නිවැරැදි ලෙස විසඳීමට අවශ්‍ය නිසයි කාලය ඉල්ලුවේ. අවසන් ලෙස බදු ගෙවන ජනතාව තමයි මේ ගැටළුවෙන් තැවෙන්නේ. මේ වනවිටත් දුම්රිය වර්ජනය ක්‍රියාත්මක වෙනවා. මේ වෘත්තීය සමිති ක්‍රියාව නිසා රටේ ජනතාව විශාල පීඩාවකට ලක් වෙනවා.

    වෘත්තීය සමිති අසාධාරණ ලෙස ඉල්ලීම් කරනවා නම් එයට ඉඩ දෙන්න බෑ. විශ්‍රාම ගිය මේ අංශයේ සේවකයින් මම අද කැඳෙව්වා. මහජනතාවට කරදරයක් වෙනවා නම් එය වැළැක්වියයුතුයි. කොන්ත්‍රාත් පදනම යටතේ ඒ අය වෘත්තීය ලබා දෙනවා ඉදිරියේ දී. මේ අත්‍යාවශ්‍ය සේවයෙන් මහජනතාවට පීඩාවක් වෙන්න දෙන්න බැහැ. විශ්‍රම ගිය අය නැවත රැකියාවේ පිහිටුවා හෝ මේ ගැටළුව විසඳනවා. වැඩවර්ජන අතරතුර අපි සාකච්ඡා කරන්නේ නෑ. දුම්රිය සේවයේ ගැටළුවක් තිබෙනවා. අපි ඒ ගැන සොයා බලනවා. මහජනතාවට කරදරයක් නොවන සේවයක් බවට දුම් රිය සේවය පත් කරනවා. පලාලි ගුවන්තොටුපල සංවර්ධනය කර ගුවන් ගමන් ආරම්භ කරනවා. වෘත්තීය සමිති මර්දනය කිරීමට කටයුතු කරන්නේ නෑ යැයි ඔහු කියා සිටියේය.

     

     

     

     

     

     

     

     

     

     

     

    Latest News