පාදුක්කේ තහනම් පොලිතින් කර්මාන්ත ශාලාවට සීල්

ජූනි 28, 2019

    පාදුක්ක, මලගල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය තහනම් පොලිතින් නිෂ්පාදන මධ්‍යස්ථානයක් සොයා ගෙන තිබේ.

    මධ්‍යම පරිසර අධිකාරිය පවසන්නේ එහි හිමිකරුට එරෙහි නෛතික ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගෙන ඇති බවයි. සැකකරු, පරිසර ආරක්‍ෂණ බලපත්‍රය සහ වෙළෙඳ බලපත්‍රය ලබා නොගෙන පොලිතින් ආහාර දවටන නිෂ්පාදනය කර තිබේ. පරිසරයට දැඩි හානියක් ගෙනෙන පොලිතින් වර්ග තහනම් කිරීමට මීට පෙර පියවර ගැණින. එහි හිමිකරු ඊට අදාළ කොන්දේසි කඩකර ඇති බව, මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. වැටලීමේදී රුපියල් ලක්‍ෂ 5ක පමණ පොලිතින් තොගයක් සොයා ගෙන තිබේ.

    Latest News