කරන්දෙණියට සුදු නයි ඇවිදින් (විඩියෝ)

ජූනි 28, 2019
  • කරන්දෙණිය ප්‍රදේශයේ ගෙවත්තකින් නයි පැටවුන් 50ක් හමුවී තිබේ.

    සුදු නයි පැටවුන් තිදෙනෙකු ද ඒ අතර වේ. සුදු නයි පැටවුන් “ඇලි“ සතුන් බව වාර්තා වේ. හැපින්න නිතර එම ස්ථානයට පැමිණි බැවින්, ඒ පිළිබඳව පරීක්‍ෂා කිරීමේ දී පැටවුන් දුටු බව නිවැසියන් පවසයි. වනජීවි නිලධාරීන්ගේ උපදෙස් පරිදි එම පැටවුන් රක්‍ෂිත ප්‍රදේශයට මුදා හැරීමට පියවර ගෙන තිබේ.

    අදහස් දැක්වූ නිවැසියන්...
    “සොහොන හෑරුවා ගඩොල් කැටයක් එළියට ගන්න විට පැටවු එළියට එන්න පටන් ගත්තා. එකෙක් ආවා ඌ අල්ලලා බෝතලයකට දැම්මා. ඊට පස්සේ බලනකොට තව ගොඩක් පැටව් හිටියා“ යැයි පැවසීය.

    Last modified on සිකුරාදා, 28 ජූනි 2019 18:54

    Latest News