හරි පුද්ගලයෙක් දැම්මොත් ගිය මැතිවරණයට වඩා පහසුවෙන් ජය ගන්නවා....... ඇමති අර්ජුන

සැප් 13, 2019

    ඉදිරි ජනාධිපතිවරණයේ දී රටට ආදරය කරන රටක් දිනවිය හැකි නායකයෙක් අවශ්‍ය බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

    එම මතයේ සැමදාමත් සිටි බවත් අමාත්‍යවරයා ඔහු කියා සිටියේ ගම්පහ දඬුගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ජාතිවාදයට අතවනන පාලනයක් යලි අවශ්‍ය නොවන බවයි. දේශපාලන පක්ෂවල මතවාදයට කොටු නොවී ජනාධිපතිවරයා තෝරාගැනීමට සියලු දෙනාට වගකීමක් ඇති බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියා සිටියේය.

    අමාත්‍ය ආර්ජුන රණතුංග මහතා.......

    “ දේශපාලන කෝනයකින් බලා මෙවර වැඩක් නැහැ. රටට අත්‍යාවශ්‍ය පුද්ගලයෙක් මෙවර ජනාධිපති කර ගැනීමට අවශ්‍යයි. එසේ නොවුනහොත් රටට විශාල කරදරයක් සිදුවන්න පුළුවන්. ගිය මැතිවරණයේ දී ප්‍රධාන පක්ෂ දෙක එකතු වී ප්‍රශ්න විසඳා ගැනීමට කටයුතු කළා. ඒ තුළින් සෑහෙන වැඩ කොටසක් රටට ඉටු වුණා. කවුරු කෙසේ කීවත් මේ ආණ්ඩුව තරම් වැඩ කල ආණ්ඩුවක් නොමැති යැයි ඔහු කියා සිටියේය.

    ප්‍රදර්ශන නෑ , පබ්ලිසිටි නෑ ඒ නිසා දුර්වලතා ඇති බවත් පැවසු අමාත්‍යවරයා, වත්මන් ආණ්ඩුව තරම් ගමට ගොස් වැඩ කල ආණ්ඩුවක් නොමැති බවත් සඳහන් කළේය. නමුත් මාධ්‍ය තුළින් ප්‍රචාරණය කිරීම පැත්තෙන් ආණ්ඩුව හරිම දුර්වල බවත් පැවසු අමාත්‍යවරයා කියා සිටියේ එයට කිසිවෙකුට දොස් කිය නොහැකි බවයි.

    පක්ෂය තුළ ඇති ප්‍රශ්න විසඳා ගෙන නියම වේලාවට ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පෙන්වාදුනි. තමා එක්සත් ජාතික පක්ෂයේ නොවුනත් සියලු දෙනා එකතු වී වැඩ කටයුතු කරන්නේ නම් ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කළ හැකි බව ඔහු කියා සිටියේය. පසුගිය මැතිවරණයේ දී සියලු පක්ෂ ආණ්ඩුව සමඟ එකතු වී සිටි බවත් පැවසු රණතුංග මහතා, නිවැරදි වේලාවේ දී නිවැරදි පුද්ගලයා ඉදිරිපත් කරන බවත් පැවසීය.

    ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය මෙතරම් අර්බුදයකට පත්ව ඇත්තේ ඇයි දැයි එහිදි මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේය. ඊට පිළිතුරු වශයෙන් ඔහු කියා සිටියේ එය එක්සත් ජාතික පක්ෂයේ ස්වභාවය බවයි. නිවැරදි පුද්ගලයින් ඉදිරිපත් කර මැතිවරණ ජයග්‍රහණය කළ බවත් එය සමහර විට උප්පරවැට්ටියක් විය හැකි බවත් අර්ජුන රණතුංග මහතා පැවසීය. හරි පුද්ගලයෙක් ඉදිරිපත් කරන්නේ නම් අනිවාර්යයෙන්ම ගිය මැතිවරණයට වඩා පහසුවෙන් ජයග්‍රහණය කරන බවත් කියා සිටියේය.

     

    Latest News