දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කෙරෙන ගැසට් නිවේදනය නිකුත් කෙරේ

ජූනි 27, 2019

    දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර තිබේ.

    ජනාධිපති ලේකම් උදය ආර්.සෙනෙවිරත්න මහතාගේ අත්සනින් යුතුව 1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනතෙහි දෙවැනි වගන්තිය ප්‍රකාරවයි, මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබුවේ. ජනාධිපතිතුමාගේ අණ පරිදි එය සිදු කෙරිණ.

    දුම්රිය ධාවනය, දුම්රිය හා දුම්රිය මාර්ග නඩත්තු,නිසි ආරක්ෂාව සැපයීමට අදාළ සංඥා පද්ධති හා මෙහෙයුම්, ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවෙන් සිදුවිය යුතු සියලුම කාර්යයන් හා සේවාවන් සඳහා ශ්‍රමය සැපයිය යුතු බව මෙම ගැසට් නිවේදනයේ සඳහන්. කාර්යක්‍ෂමව හා අඛණ්ඩව සේවා පවත්වා ගෙනයාම මෙහි අරමුණයි. මගීන් හා භාණ්ඩ සඳහා වන සියලු පොදු සේවාවන් වෙනුවෙන් එය ක්‍රියාත්මකයි.

    සාමාන්‍ය ජන ජිවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය වන බව, සැලකිල්ලට ගනිමින් සහ එම සේවාවන් සැපයීමට අවහිරයක් හෝ බාධාවන් ඇති වීමට හැකියාවක් පැවතීම හේතුවෙන්, අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර ඇතැයි, ජනාධිපතිතුමා විසින් කරන ලද ප්‍රකාශන ගැසට් නිවේදනයේ සඳහන්.

     gazet 900px 19 06 27

    Last modified on බ්‍රහස්පතින්දා, 27 ජූනි 2019 19:07

    Latest News