දින 28කට පසු මිහිදන් කළ මළ සිරුරක් අතුරුදන්

ජූනි 24, 2019

        මියගොස් දින 28කට පසුව මිහිදන් කොට තිබූ මළ සිරුරක් අතුරුදන් වීමේ පුවතක්  අද (24) ගලේවෙල,නිකවැහැර,පල්ලෙවෙල  ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

    ගලේවෙල පොලීසියට ලැබුණු තොරතුරක් මත පරීක්ෂාකර බැලීමේ දී ගලේවෙල පල්ලෙවෙල   ප්‍රදේශයේ මුස්ලිම් සුසාන භූමියක මීට දින 28කට පෙර  මිහිදන්  කළ අයෙකුගේ මළ සිරුරක් මෙසේ අතුරුදහන්ව ඇත.

    එම මළ සිරුර සොයා  ගැනීම සඳහා අවට මෑතකදී  මිහිදන් කල  තවත් වලවල් දෙකක් හාරා  තිබෙන බව පොලීසිය පවසයි. පොලිසිය එම ස්ථානයට පැමිණ පරීක්ෂාකර බැලීමේදී ගොඩගත් මළ සිරුර ඇල පහරක් දිගේ මීටර් දෙසීයක පමණ දුරකින් පිහිටි මුරුංගා වගා කර ඇති  හේනක පස්වලින් වසා දමා තිබෙන අයුරු දැක ගැනීමට හැකි ව තිබේ.

    මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ ගලේවෙල පල්ලෙවෙල ප්‍රදේශයේම පදිංචිව සිටි හබිබී  ලෙබ්බේ මන්සූර් (50) හැවිරිදි අයගේ මළසිරුර බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

    මියගිය අයගේ ඥාතීන්වරයකු කියා සිටියේ උදෑසන තම ඥාතියාගේ මිහිදන් කළ භූමියේ වළක් හාරා ඇති බවට ලැබුණු තොරතුරක් මත පරීක්ෂාකර බැලීමේදී එහි තැන්පත් කොට තිබූ මළ සිරුර නොමැති බව පොලිසියට දැනුම් දුන් බවයි සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබේ.

    මළ සිරුර පිළිබඳව නැවතත් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කොට ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන බව ගලේවෙල පොලිසිය කියයි. දැනට මළ සිරුර හමුවූ ස්ථානයට සහ සුසාන භූමියට පොලිස් ආරක්ෂාවක් යොදවා තිබේ.

    ගලේවෙල පොලිසියේ පොලිස් පරීක්ෂක ජානක වීරරත්න උප පොලිස් පරීක්ෂක සරත්චන්ද්‍ර  පොලිස් සැරයන් නිශාන්ත යන නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

    Last modified on සදුදා, 24 ජූනි 2019 11:01

    Latest News