මීනගයා දුම්රියේ ගැටී ඇතින්න මියයයි;පැටියාට තුවාල (වීඩියෝ)

ජූනි 24, 2019

    අද අලුයම කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ මීනගයා දුම්රියේ ගැටීමෙන් ඇතින්නක් මියගොස් තිබේ.

    අනතුරින් පැටවා ද තුවාල ලබා අසාධ්‍ය තත්වයේ පසුවන බවයි, වනජීවී නිලධාරීන් පවසන්නේ. අද අලුයම 1.00ට පමණ, ගල්ඔය,හතරැස්කොටුව 138/70 දුම්රිය සැතපුම්කණුව ආසන්නයේ දී අනතුර සිදුව තිබේ. මව හා පැටවා පැමිණ ඇත්තේ කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ සිටයි. මියගිය ඇතින්න වයස අවුරුදු 15ක් පමණ වන අතර, ඇගේ පැටවා වයස අවුරුදු එකහමාරක් පමණ වෙයි. අනතුරින් දුම්රිය මාර්ගයට ද සුළු හානි සිදුව ඇති බව අප වාර්තාකරු පවසයි. දුම්රිය රියදුරන් කොතෙක් දැනුවත් කර තිබුණද, දුම්රියේ ගැටීමෙන් සිදුවන මරණ පිළිබඳ පසුගිය කාලයේ ද වාර්තා විය. ගිරිතලේ වනජීවී පශු වෛද්‍යවරුන් පැටවාට ප්‍රතිකාර ලබාදීම ආරම්භ කර තිබේ.

    ele3

    Last modified on සදුදා, 24 ජූනි 2019 20:36

    Latest News