වාසුට කෑගැසීම ගැන පරීක්ෂණයක්

නොවැ 13, 2018

    ශ්‍රේෂ්ඨාධිකරණ භූමියේ දී අධිකරණයට අපහාස වන ලෙස කෑගසමින් හැසිරුණු පිරිස පිළිබඳ පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව, පොලීසිය පවසයි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ, ඊයේ දිනයේ සිදුවූ එවැනි සිදුවීම් දෙකක් පිළිබඳ පැමිණිලි ලැබී ඇති බවයි.

    සිංහලේ අපි සංවිධානය මේ සම්බන්ධව පොලිස් මූලස්ථානයට අද පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුණි. එමගින් ඉල්ලා ඇත්තේ, ඒ පිළිබඳ පුළුල් විමර්ශනයක් ආරම්භ කරන ලෙසයි.

    වාසුදේව නානායක්කාර මහතා ඊයේ ශ්‍රෙෂ්ඨාධිකරණ භූමියේ දී මාධ්‍යයට ප්‍රකාශයක් ලබා දී ආපසු යමින් සිටිය දී කිසියම් පිරිසක් කෑගසමින් අපහාස කළ අයුරු දක්නට ලැබුණි. අධිකරණයේ ගෞරවය ආරක්ෂා කිරීම සඳහා මෙවැනි සිදුවීම් යළි නොවීමට මේ සිද්ධිය පිළිබඳ පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙසයි පැමිණිලිකාර පාර්ශ්ව පොලීසියෙන් ඉල්ලා සිටින්නේ.

    Last modified on අඟහරුවාදා, 13 නොවැම්බර් 2018 17:45

    Latest News