GMOA වෛද්‍ය වෘත්තියේ ගැටළුව විසඳනවා වෙනුවට දේශපාලනය කරනවා..

ජූනි 22, 2019

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෛද්‍යවරුන්ගේ වෘත්තිය ගැටලු විසඳනවා වෙනුවට දේශපාලන කටයුතුවල නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පවසයි.

    ඊයේ සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ජාවක දී ඔවුන් මේ බව ප්‍රකාශ කළේය. එම හමුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණ. මෙහිදී වෛද්‍යවරුන් විසින් ඉදිරිපත් කළ සෞඛ්‍ය ගැටලුවලට අමාත්‍යවරයා විසඳුම් ලබා දුනි.

    වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරී දීමනාව පැය 6 දක්වා සෑම වෛද්‍යවරයෙකුටම ලබාදීම, වැටුප් විෂමතා ඉවත් කිරීම, ස්ථාන මාරු වැඩපිළිවෙළ යනාදිය පිළිබඳව මෙහි දී සාකච්ජා කෙරිණ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුනිල් ද අල්විස්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියේය.

    Last modified on සෙනසුරාදා, 22 ජූනි 2019 13:21

    Latest News