රාජිතගේ ක්‍රියාවන් නීති විරෝධි: ප්‍රජා අයිතිය අහෝසි විය යුතුයි: GMOA වෛද්‍ය නවින්

ජන 02, 2020

    රාජිත සේනාරත්න මහතාගේ ප්‍රජාඅයිතිය අහෝසි කිරීමට සහ අත් අඩංගුවට ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මධ්‍යම කාරක සභාව තීරණය කළේ ඔහු සෞඛ්‍ය ඇමතිවරයාව සිටි සමයේදීම බව එම සංගමය පවසයි.

    ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකදීය එහි සහකාර ලේකම්, වෛද්‍ය නවීන් ද සොයිසා මහතා මේ බව සඳහන් කළේය.

    " ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යාමට අපි සංගමයක් ලෙසි කොන්දේසි විරහිතව සහය දෙනවා. අපි විසින් ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට යෝජනා 20ක් ඉදිරිපත් කර තිබෙනවා. මෙවා ක්‍රියාත්මක කිරිමට අපි විද්වත් සභාවක් ගොඩනැගිමට සුදානම්. එ තුලින් රට ගොඩනැගීමට ජනාධිපතිතුමා ගෙන යන වැඩ පිළිවෙලට අපි සහය ලබා දෙනවා.

    ඒ අනුව ඩීල් දේශපාලනය තව දුරටත් අහෝසි කල යුතුයි. රාජිත සේනාරත්න මහතාගේ පසුගිය සමයේ ක්‍රියා කාරිත්වය හොදින් සොයා බැලිය යුතු වනවා. රාජිත සේනාරත්න මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය පවා ශ්‍රේෂ්ඨාධිකරණයේ අහෝසි කළා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඔහුගේ ප්‍රජාඅයිතිය අහෝසි කරන්න කියලා, ඔහුව අත් අඩංගුවට ගෙන පරීක්ෂණ කරන්න කියලා මධ්‍යම කාරක සභාව යෝජනා කළේ ඔහු සෞඛ්‍ය ඇමතිවරයාව සිටියදී. ඒනිසා නීතිපති දෙපාර්තමේන්තුවටත් නීතිය ක්‍රියාත්මක කරන ඒ නීතීඥයින්ටත් ලොකු වගකීමක් තියෙනවා මේ රටේ ජනතාව වෙනුවෙන් ජනතාවගේ මුදල්වලට සාධාරණයක් ඉෂ්ඨ කරන්න. ඒනිසා ඔහුට චෝදනා ගොනු කිරීමේදී අල්ලස් පනත, පොදු දේපළ පනත, මෙවැනි පනත් තුළින් නඩු පැවරීමේ හැකියාව අපි පෙන්නලා දීලා තියෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව අපි බලාපොරොත්තු වෙනවා මේ රටට සාධාරණය වෙන්න ඔවුන් කටයුතු කරයි කියලා." යනුවෙනුන් සඳහන් කළේය.

     

     

     

    Latest News