තංගල්ල ආශ්‍රිතව ඩෙංගු අවදානමක්

ජූනි 22, 2019

    තංගල්ල ප්‍රදේශය ආශ්‍රිතව ඩෙංගු රෝගීන්ගේ ඉහළයාමක් දක්නට ලැබෙන බව, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පවසයි.

    මේ මාසය තුළ පමණක් රෝගීන් 32 දෙනෙකු වාර්තා විය. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා ඉහළ පෙළේ සෞඛ්‍ය නිලධාරීන් අතර හමුවක දී මෙම කරුණු අනාවරණය විය. මේ හේතුවෙන්, තංගල්ලල නගරය ආවරණය වන පරිදි විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ඊයේ ක්‍රියාත්මක කෙරිණ.

    නගර සභා නිලධාරීන්,සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා තංගල්ල පොලීසිය එක්ව ස්ථාන 400ක් පරීක්ෂා කරනු ලැබීය.එහි දී පුද්ගලයන් 20 දෙනෙකුට දැඩි ලෙස අවවාද කෙරිණ. ඩෙංගු මර්දන කීටයන් හමුවූ ස්ථාන 12ක අයිතිකරුවන්ට නෛතික පියවර ගැනීමට ක්‍රියා කළා. මෙම වසර තුළ පමණක් ඩෙංගු ආසාධිතයන් 105 දෙනෙකු ප්‍රදේශයෙන් වාර්තා විය. එය මේ වන විට ශ්‍රීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතියි.

     

     

    Last modified on සෙනසුරාදා, 22 ජූනි 2019 11:44

    Latest News