ගස්ලබු කොළ - දුම්කොළ කර රටයවන ස්ථානයක් STF වටලයි

ජූනි 20, 2019

    ගලේවෙල,නබඩගහවත්ත,පුවක්පිටිය ප්‍රදේශයේ බීඩි දුම්කොළ සඳහා ගස්ලබු කොළ වියලා කළවම් කරන ස්ථානයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වටලා තිබේ.

    විශාල පරිමාණයෙන් ගස් ලබු කොළ වියලා සේවකයන් යොදා ගනිමින් යන්ත්‍ර සූත්‍ර මගින් ඉතා සිහින්ව කපා ප්‍රවාහනයට සුදානම් කර තිබූ බවයි පොලීසිය පවසන්නේ. ව්‍යාපාරය පවත්වාගෙන යන පුද්ගලයාගෙන් පොලීසිය විමසීමේදී පවසා ඇත්තේ ගස් ලබු කොළ වියළා සිහින්ව කපා ඔස්ට්‍රේලියාවට ආනයනය කිරීමට තවත් පුද්ගලයෙකුට තමා භාරදීම සිදු කරන බවයි. ඖෂධ නිෂ්පාදනය සඳහා මෙම ගස්ලබු කොළඔස්ට්‍රේලියාවට යවන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    කෙසේ වෙතත් ඖෂධ විදේශගත කිරීමට හා නිෂ්පාදනය කිරීමට රජයේ ඖෂධ නීතිගත සංස්ථාවෙන් හෝ දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් කිසිදු අවසරයක් ලබාගෙන නොමැති බව මෙහිදී අනාවරණය විය. මෙම ගබඩාව තවදුරටත් පරීක්ෂාකිරීමේදී සිහින්ව ලියන ලද ගස් ලබු කොල තොගවලට සිහින් සුදු පැහැති කුඩු වර්ගයක් සහ කහපාටට හුරු තවත් රසායනික කුඩු වර්ගයක් කලවම් කොට ඇති ආකාරය අනාවරණය කරගෙන තිබේ.

    මෙම ව්‍යාපාරය පවත්වාගෙන යන තැනැත්තාගේ ජංගම දුරකථනය පරීක්ෂාකිරීමේ දී විදේශීය කාන්තාවක් සහ තවත් පුද්ගලයන් කිහිපදෙනෙකු මෙම ස්ථානයට පැමිණ යන්ත්‍ර සූත්‍ර සවිකොට ගස් ලබු කොල සිහින්ව කපාගන්නා ආකාරය පිළිබඳව ඔවුන් දැනුවත් කරන අවස්ථාවන් වීඩියෝගත කර ගෙන තිබිණි. එම නිවසේ තිබී හමුවූ සිහින් රසායනික කුඩු වර්ගය කලවම් කිරීමේ දී ගස්ලබු කොළය දුම්කොළ පැහැයට දර්ශනය වී වෙනත් සුවඳක් හමා එන බව පොලිසිය පවසයි.

    මෙම ගස්ලබු කොළ විදේශීය රටවලට ප්‍රවාහනය කරන අනිත් ව්‍යාපාරිකයින් 20 දින පැමිණෙන බව සඳහන් කළ අතර වහාම මෙදින සිය අනන්‍යතාවය තහවුරු කරන්නැයි, පොලීසිය ඔවුන්ට උපදෙස් ලබාදී සොයාගත් ගස් ලබු කොළ සහිත ගබඩාව තාවකාලිකව වසා දැමීමට පියවර ගනු ලැබීය.

    gaslabu kola 05pg

    gaslabu kola 02

    gaslabu kola 04

    gaslabu kola 01

    vlcsnap 2019 06 20 05h35m17s884

    vlcsnap 2019 06 20 05h35m30s770 1

    vlcsnap 2019 06 20 05h35m51s039

    vlcsnap 2019 06 20 05h36m09s609

     

    Last modified on බ්‍රහස්පතින්දා, 20 ජූනි 2019 11:42

    Latest News