දුම්කොළ සඳහා නව බදු සූත්‍රයක්

දෙසැ 31, 2021

    ශ්‍රී ලංකාවේ දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය අවම කිරිමට දුම්කොළ සඳහා නව බදු සූත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කළ බව දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පැවසිය.



    ඒ් මහතා මේ බව පැවසුවේ, ඊයේ(30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිණි.

    දුම්කොළ භාවිතය නිසා ලෝකයේ දිනකට මිනිසුන් මිලියන 08කට වඩා මිය යන බව පැවසූ සභාපතිවරයා, ඒ අතුරින් මිලියන 07කට වැඩි ප්‍රමාණයක් සක්‍රීය දුම් පානය නිසාද දුම් නොබොන්නන් මිලියන 1.2ක් පමණ අක්‍රීය දුම් පානය නිසාද මිය යන බව ප්‍රකාශ කළේය. මෙලෙස අකාලයේ වැඩි පිරිසක් මිය යන ලොව ඒකම පාරිභෝගික භාණ්ඩය ලෙස දුම්වැටි හඳුන්වා දිය හැකි බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

    ශ්‍රී ලංකාවේ දිනකට පුද්ගලයන් 60 දෙනෙක් දුම්පානය නිසා මිය යන බව පෙන්වා දුන් ඒ මහතා මෙය නව කොවිඩ් වසංගතයටත් වඩා භිය ජනක බව පෙන්වා දුන්නේය.

    දුම් කොළ වසංගතයෙන් ජනතාව බේරා ගැනීමට ලොක් ප්‍රඥප්තියක් ආරම්භ වූ බවත් හිටුපු ජනාධිපති වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා , 2006 වසරේදී මේ සඳහා මූලිකත්වය ගත් බවද ඒ මහතා පෙන්වා දුන්නේය. ඒ අනුව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය මෙරට ආරම්භ වී තිබේ.

    දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය අවම කිරිම සඳහා තිබෙන පළදායී සහ ලාභදායී ක්‍රමයක් වන්නේ බදු අඩු කිරීම බව ලොක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත.වර්තමානයේ දුම්කොළ නිෂ්පාදනය සඳහා මෙරට තිබෙන බදුකරණ ව්‍යුහය අවිධිමත් සහ සංකීර්ණ බව පෙන්වා දුන් ඒ මහතා දුම්කොළ සඳහා නිසි බදුකරණ සූත්‍රයක් හඳුන්වා දීමේ වැදගත්කම හඳුනාගත් අධිකාරිය 2020 වසරේ ඒ් සඳහා විශේෂඥ කමිටුවක් පත් කර තිබේ.

    ඒ අනුව ගොඩනගන ලද බදුකරණ සූත්‍රය පසුගිය සැප්තැම්බර් 29 දා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත ඉදිරිපත් කළ අතර අනතුරු කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.පසුගිය නොවැම්බර් 12 දා නිකුත් කළ ගැසට් පත්‍රය මගින් සිගරට් සඳහා නව නිෂ්පාදන බදු සහ මිල ගණන් තීරණය කර ඇත.

    දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ අධිකාරිය හඳුන්වා දුන් බදකරණය පිළිබඳ මෙම නව මොඩියුලය ක්‍රියාත්මක කිරීම හරහා දුම් ඉරිම සඳහා තරුණ හා ළමා පරපුර යොමු වීම අඩු කර ගැනීමට හැකියාව ඇත. තවද දුම් ඉරීමෙන් සිදුවන සෞඛ්‍ය හානිය අවම කර ගැනීම ඔස්සේ වඩාත් නිරෝගිමත් මතු පරපුරක් ගොඩනගා ගැනීමට මෙන්ම රාජ්‍ය අදායම වැඩ කරගැනීමටත් හැකියාව ලැබෙන බව සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    Latest News