මහානාමගේ හා පියදාසගේ අබලි යකඩ නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණයට

ජූනි 20, 2019

    හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි. එච්. මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

    අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතාගේ අත්සනින් යුතු මෙම අධිචෝදනා පත්‍ර අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ අංක 01 අධිකරණය හමුවේ ගොනුකරනු ලැබීය.

    2018 වසරේ මැයි මස නව වන දා හෝ ඊට ආසන්න දිනයක කන්තලේ සීනි සමාගමට අයත් අබලි ද්‍රව්‍ය විකිණීමට අදාළ කටයුතු ඉටුකර දීම සඳහා ඉන්දියානු ව්‍යාපාරිකයෙකු ගෙන් රුපියල් මිලියන 54 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි.එච්.කේ මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අය අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබිණ.

    ඒ අනුව, චෝදනා 24 ක් අල්ලස් කොමිසම විසින් විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර ඇති අතර එහි සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයන් 46 දෙනෙකු නම්කර තිබේ. ලේඛන 41 ක් ද සාක්ෂි වශයෙන් එම නඩුවට අදාළව ඉදිරිපත් කර තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 20 ජූනි 2019 12:40

    Latest News