ජනපති මෛත්‍රී -ගෝලීය ත‍්‍රස්තවාදය පරාජයට ආසියානු නායකයින්ගේ කැපවීම වැදගත් (වීඩියෝ)

ජූනි 15, 2019

    ඉදිරි සියවස ආසියාවේ සියවස ලෙස ආසියාකරයේ සාමයත්, ආර්ථික ශක්තියත් සෑම අතින්ම බලවත් විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    ආසියාවේ බලය යටපත් කිරීමට වෙනත් කිසිදු බාහිර බලවේගයකට ඉඩ නොතැබිය යුතු බව, ටජිකිස්ථානයේ, දුෂාන්බේ නව්රාස් සම්මන්ත‍්‍රණ ශාලවේ අද පැවති ආසියාවේ අන්තර් කි‍්‍රයාකාරිත්වය හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ 05වන සමුළුව ඇමතු ජනාධිපතිතුමා අවධාරණය කළේය. 

    චීන ජනාධිපති ෂී ජින් පින්, රුසියා ජනාධිපති ව්ලැඞ්මිර් පුටින්, තුර්කි ජනාධිපති තයියීප් එර්දොවාන්, ඉරාන ජනාධිපති හසාන් රූහානි යන මහත්වරුන් ඇතුළු ආසියාවේ බලවත් රටවල රාජ්‍ය නායකයන්ගේ සහ ප‍්‍රධාන පෙළේ නියෝජිතයන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් එය පැවැත්විණ. ටජිකිස්ථාන ජනාධිපති එමොමාලි රාමොන් මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සමුළුව ආරම්භ කෙරිණි.

    ගෝලීය ත‍්‍රස්තවාදය පරාජය කරමින් සාමය සහ ආර්ථික සමෘද්ධිය උදා කර ගැනීමට කැපවීමේ දී ආසියාවේ සියලූ රටවල් අතර තිබෙන බැඳීම සහ සහෝදරත්වය ඉතා වැදගත් බව සමුළුව ඇමතූ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කියා සිටියේය. අපේ‍්‍රල් 21 වනදා ශ‍්‍රී ලංකාවට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය ද වේදනාවෙන් සිහිපත් කළ ජනාධිපතිතුමා කියා සිටියේ ත‍්‍රස්තවාදය පරාජය කිරීමේ ශක්තිය ශ‍්‍රී ලංකා රජයටත්, ආරක්ෂක හමුදාවටත් තිබෙන බවයි. මෙවන් ත‍්‍රස්ත කි‍්‍රයාකාරකම්වලට කිසිදු රටක් ගොදුරු නොවිය යුතු අතර කලාපයය තුළ සාමය සහ ආරක්ෂාව සෑම අතින්ම තහවුරු කිරීමට සියලූදෙනා සාමුහිකව කැප විය යුතු බව ද ඔහු අවධාරනය කර සිටියේය. සියලූ රටවල නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉතා වැදගත් වන අතර කිසිඳ රටක නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යටපත් කිරීමේ තර්ජන හෝ බලපෑම් කිසිවිටෙකත් සිදු නොවිය යුතු බව ද ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේය.

    ආසියාවේ අන්තර් කි‍්‍රයාකාරිත්වය හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ සමුළුව හෙවත් සාමාජික රටවල ආර්ථික ශක්තිය ගොඩනැංවීමේ දී එම රටවල ආර්ථික සහ වෙළෙඳ ප‍්‍රතිපත්ති සෑමවිටම සරල විය යුතු පෙන්වා දුනී. තිරසර සංවර්ධන ඉලක්ක සම්පූර්ණ කර ගැනීම සඳහා ප‍්‍රතිපත්ති ශක්තිමත් කිරීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙනවා දුන්නේය. අසියාකරය තුළ සාමය සහ සමෘද්ධිය ශක්තිමත් කරමින් ඉදිරි සියවසේ දී දුගී භාවයෙන් තොර ආසියාවක් ගොඩනැගීම සාමාජික රටවල් එක්ව කැපවීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    ආසියාවේ අන්තර් කි‍්‍රයාකාරිත්වය හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ සමුළුව, ආසියාවේ සාමය, ආරක්ෂාව හා ස්ථාවරභාවය ප‍්‍රවර්ධනය කිරීම පිළිබඳ සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් 1992 වසරේ දී ස්ථාපිත කරන ලද බහුජාතික සංසදයකි.
    ශ‍්‍රී ලංකාව 2012 වසරේ සිට එහි නිරික්ෂණ රාජ්‍යයක් සිටින අතර එහි සාමාජික රාජ්‍ය 26 විසින් පසුගිය වසරේ සිට ශ‍්‍රී ලංකාව එහි සාමාජික රාජ්‍යයක් ලෙස ඒකමතිකව පිළිගන්නා ලදී.

    ඒ මෙම සමුළුවේ පූර්ණ සාමාජිකත්වය ගැනීමට නව සාමාජික රාජ්‍යයන් විසින් අත්සන් තැබිය යුතු අනිවාර්ය ලේඛන ද්විත්වය වන සාමාජික රාජ්‍යයන් අතර සම්බන්ධතා මෙහෙයවන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයට හා, අල්මාට් කතිකාව, ට අගෝස්තු 15 වැනි දින චීනයේ බීජිං නුවර දී අත්සන් තැබීමෙන් අනතුරුවය.

    චීනය, රුසියාව, ඉරානය, ඉරාකය, තුර්කිය, ඉන්දියාව, පාකිස්ථානය, කොරියාව, ඇෆ්ගනිස්ථානය, අසර්බයිජානය, බහරේනය, බංගලාදේශය, කාම්බෝජය, ඊජිප්තුව, ඊශ‍්‍රාලය, ජෝර්දානය, කසකස්ථානය, කිරිගිස්ථානය, මොංගෝලියාව, පලස්තීනය, කටාරය, ටජිකිස්ථානය, තායිලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, හා වියට්නාමය යන රටවල් මෙහි සාමාජිකත්වය දරති. එම සාමාජික රටවල් සහ ශ‍්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වික, ආර්ථික හා වෙළෙඳ සහයෝගීතාව මෙන්ම අන්තර් පුද්ගල සබඳතා ද වැඩිදියුණු කර ගැනීමට මෙම සමුළුව වැදගත්කම පිළිබඳව ජනාධිපතිතුමා අවධානය සමුළුව තුළදී යොමුවිය.

    Last modified on සෙනසුරාදා, 15 ජූනි 2019 20:05

    Latest News