අගමැති “ගැටුමක් නැහෑ“ ව්‍යස්ථාව උල්ලංඝනය නොකිරිමක් පමණයි

ජූනි 15, 2019

    ව්‍යවස්ථානුකූලව අග්‍රමාත්‍යවරයාට පැවරී ඇති බලතල ව්‍යවස්ථාව උල්ලංඝනය නොකර ක්‍රියාත්මක කරලීම කිසිදු ගැටුමකට හෝ විරසකයකට හේතුවක් විය නොහැකි බව අග්‍රමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සියා සිටි.

    අගමැතිවරයාට කිසිවෙකුත් සමග කිසිදු ගැටුමක් හෝ විරසකයක් නොමැති බවත් එහි සඳහන්වේ.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර ගැටුමක් හා විරසකයක් ඇති බවත්, එය විසඳීම සඳහා අමාත්‍යවරු මැදිහත් වී ඇති බවත් සඳහන් කරමින් මේ සති අන්ත "ඉරිදා ලංකාදීප" පුවත් පතෙහි ප්‍රවෘත්තිය පදනම් කර ගනිමින් මෙම නිදෙනය නිකුත් කර තිබේ. එම ප්‍රවෘත්තිය පදනමකින් තොර යැයි අග්‍රාමත්‍ය කාර්යාලය පවසයි.

    මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනය

     pminnucement1 px 900 19 06

     

    Latest News