සරසවි පෙම පිහි ඇණුමකින් අවසන් වෙයි

ජූනි 13, 2019

    කැළණිය සරසවිය අසළ උදෑසන සිදුවූ පිහි ඇනුමකින් සරසවි 21 හැවිරිදි සිසුවියක් තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

    සිද්ධියට සම්බන්ධ 22 හැවිරිදි තවත් සිසුවෙක් කිරිබත්ගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. පෙම් සබඳතාවක් මුල් කරගනිමින් මෙම පිහි ඇණුම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. සැකකරු අද මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 13 ජූනි 2019 10:27

    Latest News