කැලණි සරසවියේ සිසුන් 25 කට වසර 2ක පන්ති තහනමක්

පෙබ 28, 2020

    කැලණිය විශ්වවිද්‍යාලීය CCTV කැමරා ගැලවීමේ සිදුවීම සම්බන්ධයෙන් හඳුනා ගත් සිසුන් 25 කට වසර දෙකක පන්ති තහනමක් ලබා දී තිබේ.

    කැලණිය විශ්වවිද්‍යාලයේ සන්නිවේදන හා මාධ්‍ය ඒකකය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

    ඒ අනුව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් මෙම තීරණය ගෙන තිබේ.

    ඊට අදාළ ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මක කරන අතර, CCTV කැමරා පද්ධති නැවත කඩිනමින් සවි කිරීමට ද පියවර ගෙන ඇතැයි මාධ්‍ය ඒකකය විසින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

    2017/2018 අධ්‍යයන වර්ෂය 2020.02.29 වැනි දිනයෙන් අවසන් වන බැවින් එදින පෙ.ව.8 ට සිට කැලණිය විශ්වවිද්‍යාලයේ දළුගම පරිශ්‍රය සියලූම සිසුන්ට තහනම් ප්‍රදේශයක් බවට ප්‍රකාශ කර තිබේ.

    ඒ අනුව හෙට (29) පෙ.ව. 8 ට පෙර සියලූම සිසුන් නේවාසිකාගාර වලින් ඉවත් විය යුතු බවත් පාලානාධිකාරිය දැනුම් දෙයි.

    සති අන්ත පශ්චාත් උපාධි පාඨමාලා, ඩිප්ලෝමා පාඨමාලා, සහතික පත්‍ර පාඨමාලා සහ ඊට අදාළ සියලුම විභාග නැවත දැනුම් දෙන තුරු නොපැවැත්වෙන බවත් විශ්වවිද්‍යාල සන්නිවේදන හා මාධ්‍ය ඒකකය දැනුම් දෙයි.

    Latest News