ලංගම සේවකයින් අද ලොකු පුටු හමුවට

ජූනි 13, 2019

    ශ්‍රී ලංගම සේවකයින් සිය ගැටලු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ලේකම්වරයා ඇතුළු රජයේ නියෝජිතයින් පිරිසක් අද හමුවී සාකච්ජා පැවැත්වීමට නියමිතයි.

    ඒ අද පෙරවරු 11.00ට අරලියගහ මන්දිරයේ දී. මෙම සාකච්ජාවට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා,ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ද සහභාගී වීමට නියමිතයි.

     

    හැටන් ඩිපෝවෙත් රතු බස් වැඩ නවතයි..

    ඉල්ලිම් ගණනාවක් මුල් කර ගනිමින් ලංගම සේවකයන් විසින් අරම්භ කර ඇති වැඩ වර්ජනයට හැටන් ඩිපෝවේ සේවකයන් අද (13) දින සිට සහයෝගය දක්වන බව හැටන් ලංගම ඩිපෝවේ නිදහස් සේවක සංගමයේ  සභාපති සහ ඩිපෝ පරික්ෂක රෝහණ ද සිල්වා මහතා පැවසිය.

    අද උදසැන පාසල් ළමුන් ප්‍රවාහනය කිරිමෙන් අනතුරුව ධාවනය වූ සියළුම බස් රථ ඩිපෝවට රැගෙන විත් ගාල් කළ බවත්, ඊයේ (12) දින ධාවනයට එක් කල දුර ගමන් සේවා බස් රථ ද අද දින හැටන් බස් නැවතුම්පොල වෙත පැමිණීමෙන් පසු එම බස් රථ ඩිපෝවේ ගාල් කල බවයි සභාපතිවරයා කියා සිටියේ.

    ලංගම බස් රථ වැඩ වර්ජනය සිදු කල ද මගීන්ට අපහසුතාවයක් නොවන පරිදි පෞද්ගලික බස් රථ ධාවනයට එක් කර ඇති බව හැටන් පෞද්ගලික බස්රථ නැවතුම්පොලේ වේලාසටහන්කරු ජාතික රූපවාහිනියට ප්‍රකාශ කළේය.

    1 7

    1 1

    1 2

    1 4

    Last modified on බ්‍රහස්පතින්දා, 13 ජූනි 2019 09:29

    Latest News