කන්ජිපානි ඉම්රාන් රඳවා ප්‍රශ්න කිරීමට CIDයට අවසර

ජූනි 13, 2019

    ඩුබායිහි සිට මෙරටට පිටුවහල් කරන ලද පාතාල කල්ලි නායක කන්ජිපානි ඉම්රාන් නමැත්තා තව දුරටත් මේ මස 26 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය කොළඹ අපරාධ කොට්ඨාසයට අවසර ලබා දුන්නේය.

    කොළඹ අපරාධ කොට්ඨාශය භාරයේ රඳවාගෙන සිටි කංජිපානි ඉම්රාන් නමැත්තා නිරීක්ෂණය සඳහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කරනු ලැබීය.

    කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දන්වා සිටියේ මෙම සෑකකරු සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි.

    ඒ අනුව සැකකරු තව දුරටත් ලබන 26 වනදා දක්වා තවදුරටත් පොලිසිය භාරයේ රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන් මහෙස්ත්‍රාත්වරිය එදින නිරීක්ෂණය සඳහා නැවත අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 13 ජූනි 2019 12:44

    Latest News