කතුරකින් ඇනීමෙන් ඌරුබොක්කේ තරණයෙක් මරුට

පෙබ 10, 2020

    ඌරුබොක්ක, බෙරලපනාතර ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් 21 හැවිරිදි තරුණයෙකුට තියුණු ආයුධයකින් පහර දීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවේ.

    අද (10) දා පෙරවරුවේ දෙනියායට ආසන්න ඌරුබොක්ක, බෙරලපනාතර ප්‍රදේශයේ ඇඳුම් මසන ස්ථානයක හිමිකරුවකු විසින් 21 හැවිරිදි තරුණයෙකුට රෙදි කපන කතුරකින් ඇන බරපතල තුවාල සිදු කර තිබේ. තුවාලකරු ඌරුබොක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිටි බව ඌරුබොක්කපොලීසිය සඳහන් කරයි.

    මසා නිම කිරීමට ලබාදී තිබූ ඇඳුමක් ආපසු රැගෙන ඒම සඳහා පෙරවරු 8.30 පමණ මෙම තරුණයා ඔහුගේ පෙම්වතිය සමඟ බෙරලපනාතර නගරයේ මෙම ඇඳුම් මසන ස්ථානයට ගොස් ඇත. එහිදී කලිසම ප්‍රමිතියට සකස් කර නොමැති බවට ඇඳුම ස්ථානය හිමිකරුවා සමග මේ අය බහින්බස් වීමක් ඇති වී තිබෙන බව අප වාර්තාකරු සඳහන් කරයි. එම බහින්බස්වීම අතරතුර ඇඳුම් මසන ස්ථානය හිමිකරුවා මෙම තරුණයාට කතුරකින් ඇනීමෙන් බරපතල තුවාල සිදු කර තිබේ.

    ඉන් තුවාල ලැබූ තරුණයා 1990 ගිලන් රථයෙන් ඌරුබොක්කරෝහලට රැගෙන යන විටත් මිය ගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත. මියගිය තරුණයා දෙනියාය කිරිවැල්දොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය සඳහන් කරයි.

    Last modified on සදුදා, 10 පෙබරවාරි 2020 18:08

    Latest News