අනවසරයෙන් ඇද්ද විදුලි රැහැන තිදෙනෙක්ට මරු කැදවයි

ජූනි 06, 2019

    අකුරැස්ස,තලහගම,ගොනකමුල්ල ප්‍රදේශයේ දී අද උදෑසන 7.30ට පමණ අනවසරයෙන් අදින ලද විදුලි රැහැනක ගැටී පුද්ගලයින් තිදෙනෙක් මිය ගොස් තිබේ.

    මෙසේ මියගොස් ඇත්තේ 45 හැවිරිදි ගමගේ අමර, 56 හැවිරිදි වික්‍රමගේ චන්ද්‍රදාස හා 76 හැවිරිදි මදරසිංහගේ ඩේවිඩ් යන අයයි. ඔවුන් තලහගම පදිංචිකරුවන්. සිද්ධිය සම්බන්ධයෙන් අකුරැස්ස පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 06 ජූනි 2019 08:59

    Latest News