යතුරු පැදිය, ලොරියක ගැටී වැල්ලවායේ දී තරුණයෙක් මරුට

සැප් 26, 2020

    වැල්ලවාය, තණමල්විල ප්‍රධාන මාර්ගයේ වෙහෙරයාය, ගංගාරාම විහාරස්ථානය අසලදී සිදුවූ යතුරු පැදි අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත් වී තිබේ.

    වැල්ලවාය දෙස සිට තණමල්විල දෙසට ධාවනය වූ කැබ් රථයක් හා තණමල්විල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය ධාවනය වූ යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇත.

    අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරු පැදිකරු වැල්ලවාය මූලික රෝහලට ඇතුළුත් කිරිමෙන් පසු ජීවිතක්ෂයට පත්විය. මෙසේ මියගොස් ඇත්තේ පස්සර පාර,ඔකුරුවාව,ඌව පැල්වත්ත ලිපිනයේ පදිංචි වයස අවුරුදු 29ක් වන ධම්මික ඉදුණිල් නැමැති පුද්ගලයක් බව වැල්ලවාය පොලිසිය පවසයි.

    අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News