සියෝන් දෙවස්ථානය ප්‍රතිසංස්කරණයට මිලයන 43ක්: සමාජ සජීවිකරණයට පියවර

ජූනි 03, 2019

    අප්‍රේල් මස 21 වැනිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විනාශ වු මඩකලපුව සියොන් දේවස්ථානය නිරීක්ෂණය නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් ඊයේ (02) සිදුකරනු ලැබිණ.

    ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූ පවුල්වල සාමාජිකයින් හමුවී ශෝකය පළකළ අමාත්‍යවරයා එම පවුල්වල ප්‍රශ්නවලට කඩිනම් විසඳුම් ලබාදීම පිළිබඳවද සාකච්ඡා කළේය. දේවස්ථානයේ පූර්ණ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අමාත්‍යවරයාගෙන් ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

    අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා “මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු කළ විනාශය නිසා නැති වූ ජීවිත නැවත ලබා ගත නොහැකියි. ඒ ජීවිතවල වටිනාකම මුදලින් තක්සේරු කරන්නට බැහැ. විපතට පත්වූ පවුල්වල සියලු දෙනා එයින් වාවාගත නොහැකි දුකකට පත්වුණා. එය මට හොඳින් අවබෝධ කරගත හැකියි. මන්ද, මාගේ පියාද මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු අතින් ඝාතනය වුණු අවස්ථාවේ එවැනිම කම්පනයකට හා දුකකට මා පත්වුණු නිසයි. ඒ දුක අපට තවමත් ඉතිරී වී තිබෙනවා. විපතට පත් සියලු පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් අප නීති රීති රෙගුලාසිවලට යටත් නොවී සීමා විරහිතව උදව් උපකාර කිරීමට බලාපොරොත්තු වනවා“ යැයි ඔහු කියා සිටියේය.

    විපතට පත් පවුල් වෙනුවෙන් සිය අමාත්‍යංශයෙන් සමාජ සජීවිකරණ වැඩසටහන් 5 ක් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාසකියා සිටියේය. ඒ අනුව නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් ‘ප්‍රජා සවිය’, ‘දෑත සවිය’, ‘නිපුණ සවිය’, ‘දැය සවිය’ සහ ‘දිරිය සවිය’ යන වැඩසටහන් සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ‘දිරිය නිවස’ වැඩසටහනද ක්‍රියාත්මක කරනු ඇත. විපතයට පත් පවුලෙන් පවුල හෝ පුද්ගලයා වෙත ගොස් අවශ්‍යතා සොයා බලා ඒවාට ප්‍රමුඛතා පදනම් විසඳුම් ලබා දීමට කටයුතු කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අවදානරය කළේය.

    සිද්ධියෙන් විපතට පත්ව නිවසක් හෝ ඉඩමක් නොමැති පවුල් 22 ක් වෙනුවෙන් මන්මුනෙයි උතුර ප්‍රදේශයේ උදා ගම්මානයක් ඉදිකිරිමට සැලසුම් කර තිබේ. දේවාස්ථානයේ ප්‍රතිසංස්කරණ හා නව ඉදිකිරීම් වෙනුවෙන් රුපියල් මිලියන 43 ක වැය කෙරෙන අතර ඒ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාවට සියෝන් දේවස්ථානය භාර රොෂාන් දේවේන්ද්‍ර දේවගැතිතුමා සහ සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අලිහසර් මවුලානා යන මහත්වරු එක් වුහ.

    sajithziyonchurch1 px 900 1

    Latest News