වැල්ලවායේ අනතුරකින් අයෙක් මරුට;දෙදෙනෙකුට බරපතළයි

නොවැ 02, 2021

    වැල්ලවාය, තණමල්විල ප්‍රධාන මාර්ගයේ තෙලුල්ල ප්‍රදේශයේ දී කන්ටේනර් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් අද (2) අලුයම සිදු වූ අනතුරකින් වෑන් රථයේ රියදුරු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා තිබේ.

    අනතුරින් වෑන් රථයේ ගමන් ගත් සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27ක් වන පුද්ගලයකු එම ස්ථානයේ දීම මියගොස් ඇති අතර වෑන් රථයේ ගමන් ගත් තවත් දෙදෙනකු බරපතළ තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළුත් කර තිබේ.

    වෑන් රථයේ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව බව අනාවරණය වී ඇති අතර අනතුර සම්බන්ධයෙන් ඌව කුඩාඔය පොලිසිය විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.

    Last modified on අඟහරුවාදා, 02 නොවැම්බර් 2021 11:20

    Latest News