වැල්ලවායේ අනතුරකින් පාසල් දැරියක් මරුට

පෙබ 07, 2022

    වැල්ලවාය, ඇල්ල ප්‍රධාන මාර්ගයේ හීනපහුව ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් පාසල් දැරියක් මියගොස් ඇගේ පියා බරපතළ තුවාල ලබා තිබේ.

    මෝටර් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති අතර අනතුරින් මියගොස් ඇත්තේ රණ්දෙණිය, වැල්ලවාය ලිපිනයේ පදිංචි වයස අවුරුදු 12ක පාසල් දැරියක් බව වැල්ලවාය පොලිසිය පවසයි.

    යතුරු පැදිය පැද වූ දැරියගේ පියා බරපතළ තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රකාර සදහා මොණරාගල මහ රෝහල වෙත මාරුකර යවා ඇත.

    අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.

    Latest News