කොළඹ අවට මාර්ග කිහිපයක් වැසේ

ජූනි 01, 2019

    2019.06.01 සිට 2019.09.01 වන දින දක්වා ග්ලේන් ආබර් පෙදෙස ගාලු පාර මුහුදු මාර්ගය දක්වා හා තවත් මාර්ග කිහිපයක වාහන ගමනා ගමනය සීමාකර තිබේ.

    මෙම මාර්ගයේ ගමන් කරන ජනතාවට විකල්ප මාර්ග භාවිත කරන ලෙස ජනතාවට දැනුම් දෙයි.

    කුරුඳුවත් සහ බම්බලපිටිය ප්‍රදේශයේ පිලිප් ගුණවර්ධන මාවතේ ක්‍රීඩා අමාත්‍යාංශ අසළින් තුන් මුල්ල වටරවුම දක්වාද, පිලිප් ගුණවර්ධන මාවත හන්දියේ සිට මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මාවතේ පදනම් හන්දිය දක්වාද, ග්ලේන් ආබර් පෙදෙස ගාලු පාර,මුහුදු මාර්ගය දක්වා වූ මාර්ගයේ වැසි ජලය බැස යාමට උමංග මාර්ගය සඳහා කැණීම් සිදුකිරීමේ අවශ්‍යතාව මත මෙම පියවර ගෙන තිබේ.

    45

    67

    Last modified on සෙනසුරාදා, 01 ජූනි 2019 09:47

    Latest News