ඒකාබද්ධයේ ප්‍රචාරයන්ට ආණ්ඩුවෙන් පිළිතුරක්

මැයි 31, 2019

    පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් විපක්‍ෂය ගෙන යන ප්‍රචාර අසත්‍ය සහ පදනම් විරහිත බව ආණ්ඩු පක්‍ෂ යේ නියෝජිතයන් පවසයි.

    අරලියගහ මන්දිරයේ අද පැවති මාධ්‍ය හමු දෙකක දී මේ අදහස් පළ කෙරිණ.

    එහිදී අදහස් පළ කළ මහාචාර්ය ආශු මාරසිංහ මහතා...

    “කාරක සභා පැවැත්වෙන ආකාරය අනෙක් රටවල්වල වගේ ජනමාධ්‍යවලට විවෘත කරන්න. මේක සෑම රටකම මේක ජනතාවගේ අයිතියක්. විශේෂයෙන්ම ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරීන් දෙදෙනෙක් ආවේ, ලේකම් අමාත්‍යාංශයේ ප්‍රධානියා දෙදෙනාම අපි දැක්කා බොහෝ වගකීමෙන් තමයි ප්‍රශ්නවලට උත්තර දුන්නේ. අපි අහපු ප්‍රශ්නවල කිසිම තැනක සඳහන් වෙලා නැහැ අහලවත් නැහැ අදාළ ප්‍රදේශයේ බුද්ධි අංශ නිලධාරීන් කවුද? කරන ක්‍රියාමාර්ග මොනවාද? උදාහරණයකට කාතන්කුඩි ප්‍රදේශයේ කොහොම කරන්නේ කියලා අපි ඒ වගේ ප්‍රශ්නයක් කිසි තැනක අහලා නැහැ. අපි ප්‍රශ්නයක් අහන්න ඉඩ දෙන්නෙත් නැහැ. ඉතාමත් කාරුණික විධියට මේ රටේ දේශපාලනය හසුරුවන කිහිප දෙනෙක් කරන ප්‍රකාශ අපි පිළිකුලෙන් යුතුව බැහැර කරනවා“ යැයි ආශු මාරසිංහ මහතා පැවසීය.

    Last modified on සිකුරාදා, 31 මැයි 2019 20:39

    Latest News