යෝෂිතගේ දෙහිවල දේපල නඩුවේ FCID විමර්ශන වාර්තා නීතිපතිට

මැයි 29, 2019

    දෙහිවල මිහිඳු මාවතේ පිහිටි යෝෂිත රාජපක්ෂ මහතාට අයත් දේපළ සම්බන්ධව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් ගොනුකර ඇති නඩුව අද ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ විභාග කෙරිණ. යෝෂිත රාජපක්ෂ මහතා හා ඔහුගේ මිත්තනිය ඩේසි ෆොරස්ට් මහත්මිය අධිකරණය හමුවේ පෙනී සිටියේය.

    මේ සම්බන්ධයෙන් සියළු විමර්ශන කටයුතු අවසන් බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාස නිලධාරීන් අද අධිකරණයට දැනුම් දුනි.

    විමර්ශන වාර්තා මේ වන විට නීතිපතිවරයා වෙත ඒවා භාර දී ඇති ඔවුන් කියා සිටියේය. චෝදනා ගොනු කිරීමට නීතිපතිගේ උපදෙස් මේ වන තෙක් ලැබී නොමැති බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාස නිලධාරීන් මෙහි දී ප්‍රකාශ කළේය. ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නඩුව නැවත නොවැම්බර් මස 27 වන දිනට කැඳවීමට නියෝග කළේය.

    Last modified on බදාදා, 29 මැයි 2019 15:16

    Latest News