යෝෂිත ගැන අනුරගේ අසත්‍ය චෝදනාවලට නීතිමය පියවර

මැයි 04, 2022

    ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (03) දින යෝෂිත රාජපක්ෂ මහතා වෙත එල්ල කරන ලද අසත්‍ය චෝදනා පිලිබඳව නීතිමය පියවර ගැනීමට සූදානම් වේ.


    “රට වනසපු හොරු වළල්ල - තොග පිටින් හෙළිදරව්ව” මැයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ඊයේ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විණි. එහි දී ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානීයෝෂිත රාජපක්ෂ මහතාට අයත් ඉඩම් ලෙසට යම් ඔප්පු අංක සහ ඉඩම්වල නම් ඉදිරිපත් කරමින් කරුණු ඉදිරිපත් කර ඇත.

    අසත්‍ය හා ජනතාව නොමග යවන සුළු එම කරුණු මගින් යෝෂිත රාජපක්ෂ මහතාට අපහාසවන අයුරින් වැරදි තොරතුරු ඉදිරිපත් කිරීම නිසා ඔහුට සිදුවූ අපහාසය සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව ඉදිරි නීති කටයුතු සිදුකිරීම සඳහා රාජපක්ෂ මහතාගේ නීතීඥවරුන් වෙත උපදෙස් ලබාදී ඇත.

    Last modified on බදාදා, 04 මැයි 2022 11:41

    Latest News