මවුලවි හමීඞ් රහුමාන් - දේශපාලකයෝ මොනදේ කිව්වත් කුරුණෑගල DIG කෙළින් නිළධාරියෙක්

මැයි 29, 2019

    දේශපාලකයින් කුමන චෝදනා කළත් කුරුණෑගල දිසාවභාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා සෘජුව සහ නීතිය අකුරට ක්‍රියාත්මක කරණ නිළධාරියෙකු බව දේශ කීර්ති සමාජ සුභශාධන හමීඞ් රහුමාන් මවුලවිතුමාන් පැවසයි.

    ආගම් අතර සංහිඳියාව ආරක්‍ෂා කර ගැනීම වෙනුවෙන් කුලියාපිටිය ප‍්‍රජා පොලිස් ඒකකය මගින් සංවිධානය කළ වැඩසටහනකදී ඔහු මේ බව කියා සිටියේය. මේ සඳහා මහා සංඝරත්නය, කතෝලික පියතුමන්ලා, හින්දු කුරුක්කල් තුමන්ලා ඇතුලූ ආගමික නායකයින් පිරිසක්ද ඊට සහභාගී වූහ.

    “ කුරුණෑගල ඞී අයි ජී මහත්මයා අද වෙනකොට අපේ ඇතැම් පිරිස්වල පවා දැඩි කථාබහට ලක්වෙලා. නමුත් දේශපාලකයො මොනදේ කිව්වත් හරිදේ කරන අය බියවියයුතු නැහැ. අපි දන්න විදිහටනම් එතුමන් කොන්ද කෙළින් තියාගෙන නීතිය අකුරට ක‍්‍රියාත්මක කරන සෘජු චරිතයක්. එවන් අය අපි රැකගතයුතු යැයි“ දේශකීර්ති සමාජ සුභශාධන හමීඞ් රහුමාන් මවුලවිතුමා පැවසීය.

    “ආගමික ගැටුම් සම්බන්ධ නීති ඉතාමත් තදයි. අධිකරණවලින් මෙවැනි චෝදනාවන්ට ලැබෙන දඬුවම් පවා දැඩියි. එම නිසා කාගේහෝ අරමුණු වෙනුවෙන් තමන්ගේ ජීවිතය අස්ථාවර කරගත යුතු නැහැ. එය ඔබ සියලූ දෙනාට දැනුම්දිය යුතුයි. දැන් ප‍්‍රශ්නය යථාතත්වයට ඇවිල්ලා. ආරක්‍ෂාව තහවුරු වෙලා වුනත් තමන්ගේ විමසිළමත් බව අපතේ යන්නෙ නැහැ. කුරුණෑගල දිසාවේ යුධ හමුදාව සම්බන්ධකරගෙන සිදුකළ සෝදිසි වලදි සැකකරුවන් විශාල ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තියෙනවා. අද මුස්ලිම් ප‍්‍රජාව පිළිබඳ සැකෙන් බලන්න පුරුදුවෙලා. හැබැයි එ් අය අතර ත‍්‍රස්ථයින් හිටියෙ ඉතාම අතලොස්සයි. අපි සැකකරුවන් පන්සියයක් පමණ අත්අඩංගුවවට ගෙන තියනවා. ඉන් සෘජු සම්බන්ධතා සහිත අයත් හිටියා. අල්ලගත්ත බොහොමයක් අපි ගත්තෙ ගම්වල මුස්ලිම් අය දෙන තොරතුරු එක්ක යැයි“ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් පැවසියීය.

     

    Last modified on බදාදා, 29 මැයි 2019 15:52

    Latest News