පොලිස් නිලධාරිනියගේ රාජකාරියට බාධා කළ නීතිඥවරියට ඇප

මැයි 29, 2019

    කොළඹ මහාධිකරණ පිවිසුම් දොරටුවේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරිනියකගේ රාජකාරියට බාධා කොට එම නිලධාරිනියට සුළු තුවාල සිදු කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රේමනී පොතුපිටිය නැමති නීතිඥවරිය ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

    කෙසෙල් වත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකාර නීතිඥවරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියට පමුණුවනු ලැබීය.

    පොලිසිය අධිකරණයට දන්වා සිටිමි ඊයේ දින කොළඹ මහාධිකරණ පිවිසුම් දොරටුව තුළින් ගමන් කිරීමට උත්සාහ කළ මෙම නීතිඥවරිය පරික්ෂා කළ අවස්ථාවේදී ඇය විසින් එහි රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරිනියකගේ රාජකාරියට බාධා කර ඈයට සුළු තුවාල සිදුකර ඇති බවයි.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකාර නීතිඥවරිය රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමට නියම කළ අතර නඩුව නැවත ජුලි මස 02 වනදා කැඳවීමට ද නියම කළේය.

    Last modified on බදාදා, 29 මැයි 2019 13:20

    Latest News