යෝෂිත රාජපක්ෂ නාවික හමුදා සේවයට

සැප් 25, 2019

    ලුතිනන් යෝෂිත රාජපක්ෂ නැවතත් නාවික හමුදා සේවයේ පිහිටුවීමට නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියාල් සිල්වා විසින් පියවර ගෙන තිබේ.

    2016 පෙබරවාරි 28 වනදා යෝෂිත රාජපක්ෂගේ සේවය තාවකාලිකව අත්හිටවනු ලැබිණ.

    සන්නද්ධ හමුදා සේනාධිනායක සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් හා ඊට අදාල නියෝගය අනුව යෝෂිත රාජපක්ෂව නැවත සේවයේ පිහිටුවීමට නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් ඊයේ (24) පියවර ගත් බව නාවික හමුදාව පවසයි. එ අනුව යෝෂිත රාජපක්‍ෂව 2016 පෙබරවාරි 28 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි නැවත සේවයේ පිහිටුවිමට නාවික හමුදා‍ව විසින් පියවර ගෙන ඇත.

    Latest News