සියලු ආගම්වල දරුවන්ට, එකම පාසලකට සහය දෙනවා; අමාත්‍ය කබීර් (වීඩියෝ)

මැයි 28, 2019

    සියලු ආගම්වලට අයත් දරුවන්ට එකම පාසලක අධ්‍යාපනය ලබාදීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රීවරුන් ගෙන එන යෝජනාවට තම පූර්ණ සහය දෙන බව, අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

     

    එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා....

    “ජාතික සමගිය සඳහා සියලුම අය එක පාසලකට යා යුතු බව අවුරුදු ගණනාවකට කලින් වෙනස් කළ අයම ඒක යෝජනා කරන එක වටිනවා. ඒක මේ වෙලාවෙදි කාලීන අවශ්‍යතාවයක්. ඒ යෝජනාව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ගේනවානම් අපිත් ඒකට එකඟයි. අපි ඒකට සහය දෙනවා. මොකද සහජීවනය සඳහා සියලුම දරුවෝ එක පාසලේ ඉගෙන ගන්නා එක වැදගත්“ යැයි අමාත්‍ය කබීර් හෂීම් මහතා සඳහන් කළේය.

    Last modified on අඟහරුවාදා, 28 මැයි 2019 23:24

    Latest News