පෞද්ගලික බස්රථ හිමියන් රජයෙන් සහන ඉල්ලීමක්

මැයි 27, 2019

    පෞද්ගලික බස් රථ හිමියන් ඉල්ලා ඇති සහන ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. ඒ පිළිබඳ සාකච්ජාවක් මුදල් අමාත්‍යාංශයේ දී අද පැවැත්විණ.

    ඒ, අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති, ගැමුණු විජේරත්න මහතා ඇතුළු එහි නියෝජිත පිරිසක් සාකච්ජාවට එක්වූහ.

    අප්‍රේල් 21 ඛේදජනක සිද්ධියෙන් පසු පෞද්ගලික මගී ප්‍රවාහන සේවාවන්ට සහන ලබාදෙන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලා තිබේ. දැනට ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථ විසි දහසකින් 40%ක් පමණ බස් රථ කල් බදු ක්‍රමය යටතේ ධාවනය වන බැවින්, කල්බදු ගෙවීම් සඳහා සහන කාලසීමාවක් ලබාදෙන ලෙසයි, එම නියෝජිතයන් ඉල්ලා ඇත්තේ.

    මීට අමතරව පෞද්ගලික බස් ප්‍රවාහනය මුහුණ පා ඇති ගැටළු පිළිබඳව ද සාකච්ජා කෙරිණ. ලීසිං වාරිකය හා ණය ගෙවා ගැනීම සඳහා ලබාදිය හැකි විසඳුම් පිළිබඳව ද සාකච්ජා කළ බව, මුදල් අමාත්‍යාංශය පවසයි. ඒ සම්බන්ධයෙන් ඉදිරියේ දී මුදල් අමාත්‍යාංශය මගින් විසඳුම් යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතයි. අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    Latest News