හදිසි නීතිය සැමදා තිබිය නොහැකි: ත්‍රස්තවාදයට ස්ථිර නීතියක් අවශ්‍යයි

මැයි 27, 2019

    හදිසි නීතිය දිගින් දිගටම පවත්වාගෙන යෑමට නොහැකි බැවින් ත්‍රස්තවාදි ක්‍රියාවල නිරත වන්නන්ට එරෙහිව ස්ථිර නීතියක් යටතේ නීතිය ක්‍රියාත්මක කළ යුතු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

    මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ සුමංගල මහනා හිමියන් සහ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන මහ නාහිමියන්ගේ ආශීර්වාද ලබා ගැනිමෙන් පසු මාධ්‍ය වෙත අද (27) අඳහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

    අමාත්‍ය පාඨලී චම්පික රණවක “හදිසි නීතිය අපට හැමදාම පවත්වාගෙන යන්න බැහැ. ස්ථිර නීතියක් යටතේ මේ ත‍්‍රස්තවාදී ක්‍රියා, අන්තවාදී ක්‍රියා වෛරී ප‍්‍රකාශ කරන කවරෙක් හෝ වේවා, මුස්ලිම් මූලධර්මවාදීන් වේවා, වෙනත් අය වේවා මර්ධනය කිරීම සඳහා කටයුතු යොදා ගැනීම කළ යුතුයි.

    ඒ වගේම වෙනම පාලනයක්, වෙනම සමාජයක් ගෙන යාම, විශේෂයෙන්ම මද්‍රසා පාසල්, ෂරියා විශ්ව විද්‍යාල, බුර්කා ඇඳුම් පැළඳුම්, අරාබි භාෂාවෙන් විවිධ නාමපුවරු පවත්වාගෙන යාම, වැනි තත්වයන්ට වහාම නීතිමය වශයෙන් මැඩලීමට කටයුතු කිරීම අවශ්‍ය. ඒ වගේම අහිංසක නිරායුධ පුද්ගලයින්ගේ දේපල විනාශ කිරීමට කටයුතු කරන පිරිස් දැඩිව ඍජුව මර්ධනය කරලා සාමකාමී වාතාවරණයක් සමාජයේ ඇති කර ගැනීමට කටයුතු කිරීම. ඒ වගේම මේ සිද්ධියෙන් විශාල ආර්ථික ව්‍යසනයක් සිදුවුණා. ඒ ව්‍යසනයට පත් වූ පිරිස්වලට දැනටමත් රජයෙන් යම් යම් සහන දීලා තිබෙනවා. ඒ වගේම සමාජීය වශයෙන් අපි යෝජනා කළා ජනාධිපතිතුමා, අගමැතිතුමා, විපක්ෂ නායකතුමා ආරක්‍ෂක මණ්ඩලවලට යන්න ඕනේ කියලා. අපිට සතුටුයි කියන්න දැන් ආරක්‍ෂක උපදේශක සභාවක් හදලා තිබෙනවා, ජනාධිපති, අගමැති, විපක්ෂනායක සහ කතානායකතුමා සිටින. එය අපි හොඳ දෙයක් විදිහට දකිනවා. මොකද මේකට පක්ෂ විපක්ෂ භේදයක් අවශ්‍ය නැහැ ඉදිරියට යන්න. දැන් අපි බලාපොරොත්තු වෙනවා ඉතිරි නීති රීති ටික සකස් කර ගන්න පාර්ලිමේන්තුවේ සියළු දෙනාගේම කැමැත්තෙන්.

    දැනට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරු 11 දෙනෙක් යෝජනා 11 ක් ඉදිරිපත් කර තිබෙනවා. ඒක අපි ආරක්‍ෂක ආංශික කාරක සභාවට ඉදිරිපත් කළා. පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේදී පැය ගණනාවක් අපි මේ සම්බන්ධයෙන් ඒ ඒ ආයතනවල තිබෙන කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කළා. අපේ ඉලක්කය ඒ ඒ ආයතනය, අධ්‍යාපන අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය සහ අනෙකුත් අමාත්‍යංශවල ඒ කාර්ය භාරය හැකි ඉක්මනින් ඉටු කරලා පාර්ලිමේන්තුවේ ඒ නීති සම්මත කරගැනීම කටයුතු කරයි කියලා. එතනදී අපේ කිසිම පක්ෂ බේදයක් නැහැ අපි සියලූ දෙනාම එකට එකතු වෙනවා“ යැයි ඔහු පැවසියිය.

    Last modified on සදුදා, 27 මැයි 2019 19:20

    Latest News