උතුරු-නැගෙනහිර සංවර්ධනයට රුපියල් කෝටි 500ක්

මැයි 27, 2019

    උතුරු-නැගෙනහිර ඇතුළු යුද ගැටුම් බලපෑමට ලක්වූ ප්‍රදේශයන්හි සංවර්ධනය වේගවත් කෙරෙන "තල් අරමුදල" වැඩසටහන අද ආරම්භ කෙරිණ.

    ඒ යටතේ, අදාළ සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් කෝටි 500ක් යෙදවීමට රජය පියවර ගෙන තිබේ. "තල් අරමුදල" අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ක්‍රියාත්මක කෙරුණේ, අරලියගහ මන්දිරයේ දී.

    යුද ගැටුම් බලපෑමට ලක්වූ ප්‍රදේශවල යටිතල පහසුකම් නැංවීම හා ජනතාවගේ ආර්ථිකය වැඩි දියුණු කිරිම මෙහි අරමුණයි. "තල් අරමුදල" යටතේ ග්‍රාමීය මාර්ග, පාලම්, ජලාපවහන පද්ධති, නැංගුරම්පොළ සහ ජැටි ඉඳි කෙරේ. සාමාජිය යටිතල පහසුකම් සංවර්ධනය මගින් සෞඛ්‍ය, අධ්‍යාපනය, සුරක්‍ෂිත පානීය ජලය හා සනීපාරක්‍ෂක, ක්‍රීඩා, විනෝදාස්වාදය සහ ආධ්‍යාත්මික සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කිරීමට අපේක්‍ෂිතයි. මීට අමතරව, කෘෂි කර්මාන්තය හා සේවා ‍ක්‍ෂේත්‍රයන්ට අදාළ යටිතල පහසුකම් සංවර්ධනය ද සිදු කෙරේ.

    දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සම්බන්ධ කරගනිමින් වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන්නේ, ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය විසින්. අමාත්‍ය මංගල සමරවීර, රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් යන මහත්ම, මහත්මීන් ද දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්දන් මහතා ඇතුළු පිරිසක් ද තල් අරමුදල ක්‍රියාත්මක කිරීමේ සාරම්භක අවස්ථාවට එක්වූහ.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා “යුද්ධය නිසා විනාශ වූ ප්‍රදේශ දියුණුව සඳහා මේ අරමුදල අපි ආරම්භ කරනවා. විශේෂ ඉල්ලීම් කරලා තිබුණා මේ ප්‍රදේශයේ මන්ත්‍රීවරු මේ ප්‍රදේශයට සංවර්ධනය වෙච්ච මුදල් වෙන් කරන්න කියලා. ඒ අනුව තමන්ගේ අය-වැය යෝජනා, මුදල් ඇමතිතුමා යෝජනා කළා මේ අරමුදල ආරම්භ කරන්න කියලා විශේෂයෙන්ම ඒ ප්‍රදේශවල සංවර්ධනය සඳහා. අපි තව බිලියන 7ක් වැය කරනවා මේ ප්‍රදේශවල ගම් පෙරළිය වැඩසටහන සඳහා උතුර සහ නැගෙනහිර ප්‍රදේශවල. බිලියන 50ක් විතර මේ අවුරුද්දේ ප්‍රාග්ධන වියදම් වෙන් කරලා තියෙනවා ඒ ප්‍රදේශ වෙනුවෙන්. ඒකට ඇත්ත වශයෙන්ම අපි අලුතින් ඉදිකරන්න යන නිවාස දෙදහකුත්, විනාශ වුණු ගෙවල්වලින් තව කොටසක් යළිත් නඟා සිටුවන්න අවස්ථාව ලැබෙනවා. එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා යටතේත් මේ ප්‍ර දේශවලට මුදල් ලැබෙනවා. උපාධිධාරීන් විසිදෙදහක් බඳවා ගැනීමට අපි ක්‍රියා කරනවා. ඒකෙන් කොටසක් මේ පළාත්වලටත් ලැබෙනවා. මේවා දියුණුවට අපි වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරන ගමන් රටේ දියුණුව සඳහා මුදල් වෙන් කරලා තියෙනවා. විශාල වැඩ කොටසක් අපි මේ අවුරුද්දේ බාර අරගෙන තියෙනවා. පළමු වන කාරණය තමයි වෙන්කරලා තියෙන මුදල් හැම සතයම වියදම් කරගන්න.

    Last modified on සදුදා, 27 මැයි 2019 20:13

    Latest News