දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි ....පෞද්ගලික බස් ධාවනය 50%ක්

මැයි 17, 2022

    පවතින ඉන්ධන හිඟය හේතුවෙන් අද දිනයේ (17) ධාවනය කළ හැකි පුද්ගලික බස් රථවලින් 50%ක් පමණ බව පුද්ගලික බස් සංගමය පවසයි.

    මේ අතර අද සිට දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ‌
    එහි සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනවිරත්න පැවසුවේ දෛනික කාර්යාල දුම්රියද සාමාන්‍ය පරිදි ධාවනය වන බවයි. ඒ අනුව, උදෑසන කාර්යාල දුම්රිය සියල්ලම මේ වන විට ධාවනය කරවීමට සැලසුම් කර ඇති අතර, දුරගමන් සේවා දුම්රිය සියල්ලම අද දිනයේ ධාවනය කෙරරෙන බවත් ඔහු පවසයි.

    රාත්‍රී තැපැල් දුම්රිය අතරින් යාපනය සහ මඩකලපුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියන් හැරුණුකොට අනෙකුත් රාත්‍රී තැපැල් දුම්රියන් ධාවනය කිරීමට පියවර ගෙන ඇති බව ගාමිණී සෙනවිරත්න වැඩිදුරටත් පැවසීය. 

    Last modified on අඟහරුවාදා, 17 මැයි 2022 09:44

    Latest News