ඔක්තෝබර් සිට CTBයට සුපිරි බස්

මැයි 27, 2019

    ඔක්තෝබර් මාසයේ සිට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට නව පහසුකම් සහිත සුඛෝපභෝගී බස් රථ යෙදවීමට ක්‍රියා කරන බව, අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

    වේයන්ගොඩ,එළුවාපිටිය,ශ්‍රී ඉසිපතනාරාම විහාරස්ථානයේ පැවති ගම්පෙරළිය වැඩසටහන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින්, අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත ඉදිරියේදී ලැබීමට නියමිත "කින්ග් ලෝන්ග් ලෝන්ග්වින්" වර්ගයේ අධි සුඛෝපභෝගී බස් රථ, චීනයේ පිහිටි කින්ග්ලෝන්ග් කර්මාන්ත ශාලාවේ සැකසෙමින් පවතියි. 

    61083085 412141396041218 8411333857374109696 n

    Last modified on සදුදා, 27 මැයි 2019 11:47

    Latest News