අර්ජුන අද ජනාධිපති කොමිසම හමුවට

ඔක් 24, 2019

    ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද (24) දිනයේ රාජ්‍ය ආයතනවල දුෂණ වංචා සෙවිමේ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටිමට නියමිතයි.

    ඒ ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සදහා පෙට්‍රල් මිලදී ගැනිමකදී සිදුව ඇති බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාලව ප්‍රකාශයක් ලබා දීමටයි. පසුගිය 21 වැනි දින ද අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට කොමිසම හමුවට පැමිණි අතර පැයක පමණ කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් පසුව පිටත්ව ගියේය.

    ඊට අමතරව ධම්මක රණතුංග මහතා ද අද දිනයේ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටිමට නියමිතයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 24 ඔක්තෝබර් 2019 07:33

    Latest News