ඇමති අර්ජුනගේ ආරක්ෂක මහේස්ත්‍රාත් අධිකරණයෙනුත් නිදහස්

පෙබ 27, 2019

    ඉකුත්දා ඛනිජ තෙල් සංස්ථා මූලස්ථානයේ දී ඇතිවූ වෙඩි තැබීමේ සිද්ධියකින් පුද්ගලයකු මරණයට පත්වීම සම්ධන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ඇමති ආරක්ෂක අංශයේ නිලධාරියාට ඊයේ කොළඹ මහාධිකරණය ලබාදුන් ඇප නියෝගය මත අද ඔහු මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

    සැකකාර ආරක්ෂක නිලධාරියා රුපියල් 25000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ..කේ පටබැඳිගේ මහතා විසින් ඊයේ නියම කර තිබුණි.

    එම ඇප නියෝගය පරිදි සැකකාර ඇමති ආරක්ෂක අංශ නිළධාරියා මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළේය.

    ඉකුත් නොවැම්බර් මස දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථා මූලස්ථානයට අමාත්‍ය අර්ජුන රණතුංග පිවිසි අවස්ථාවේ ඇතිවූ කළහකාරී සිද්ධියේ දී ඇතිවූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මියගොස් තිබූ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් ඇමතිවරයාගේ ආරක්ෂක නිලධාරියා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණ.

    Last modified on බදාදා, 27 පෙබරවාරි 2019 12:28

    Latest News