පොලිස් අධිකාරීවරු 5ක් ස්ථාන මාරුවීම්

මැයි 25, 2019

    ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතාව මත වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් අධිකාරීවරු පස් දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

    ඒ අනූව, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී යූ.පී.ඒ.ඩී.කේ.පී.කරුණානායක මහතා යාපනය කොට්ඨාස භාර නිලධාරී තනතුරේ සිට නුගේගොඩ කොට්ඨාස භාර නිලධාරී ලෙස ද, පොලිස් අධිකාරී ටී.ජී.එන්.ඩබ්.ඩී.තල්දුව මහතා ඇල්පිටිය කොට්ඨාස භාර නිලධාරී තනතුරේ සිට යාපනය කොට්ඨාස භාර නිලධාරී ලෙස ද, පොලිස් අධිකාරී එච්.එස්.එන්.පීරිස් මහතා මන්නාරම කොට්ඨාස භාර නිලධාරී තනතුරේ සිට ඇල්පිටය කොට්ඨාස භාර නිළධාරී ලෙස ද, පොලිස් අධිකාරී බී.ඩී.ටී.පී.ඒ. වීරසිංහ මහතා මානව සම්පත් කළමනාකරණ කොට්ඨාස අධ්‍යක්ෂ තනතුරේ සිට මන්නාරම කොට්ඨාස භාර නිලධාරී ලෙස ද, පොලිස් අධිකාරී එස්.පී.රණසිංහ මහතා නුගේගොඩ කොට්ඨාස භාර නිලධාරී තනතුරේ සිට මානව සම්පත් කළමනාකරණ කොට්ඨාස අධ්‍යක්ෂ ලෙස ද මාරුකර තිබේ.

    Last modified on සෙනසුරාදා, 25 මැයි 2019 09:45

    Latest News