කපමින් සිටි ගසකට යටවී පුද්ගලයෙක් මරුට

මැයි 25, 2019

    බුත්තල, මහගොඩයාය ප්‍රදේශයේ දී කපමින් සිටි ගසක අත්තකට යටවීමෙන් පුද්ගලයක් මියගොස් තිබේ. ඔහු ගස කපමින් සිට ඇත්තේ, චෙන්සෝ යන්ත්‍රයක් මගින්.

    මියගොස් ඇත්තේ, මදුරුකැටිය, මොණරාගල පදිංචි වයස අවුරුදු 29 වන නුවන් චානක නැමති එක් දරු පියෙකි.
    මියගිය පුද්ගලයා කෘෂිකාර්ම දේපාර්තමේන්තුවේ අනියම් සේවකයෙකු ලෙස සේවය කරයි. මළ සිරුර මොණරාගල මහ රෝහලේ තැන්පත් කර ඇති අතර බුත්තල පොලිසිය ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on සෙනසුරාදා, 25 මැයි 2019 11:00

    Latest News